හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම, ඇත්බටුව කණිෂ්ට විද්‍යාලයේ සහ සූරියවැව, වීරියගම මහා විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 නොවැම්බර් 29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.