මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර (Portable Backscatter X-ray Machine) 04ක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් (Thorsten Bargfrede - Deputy Head of Mission, EU) සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) නියෝජිතයින් විසින් අද (2021 නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.