සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල පහලොස් වන (15) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී 2021 දෙසැම්බර් මස 10 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.