වැදගත් සිදුවීම්

Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතික රෝගියෙකු වෙත නාවික හමුදාවෙන් ප්‍රතිකාර

නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතික කාන්තාවක් හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාරයන්ගෙන් පසුව එම රෝගී කාන්තාව සුවය ලබා 2022 ජනවාරි මස 29 වන දින පිටව යන ලදි.

30 Jan 2022

මාතෘ භූමියට ආශිර්වාද පතා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජය පිරිත සඡ්ඣායනය කරයි

මාතෘ භූමියට, සියළුම රට වැසියන්ට, මියගිය හා ආබාධිත තත්වයට පත් රණවිරුවන් හට සහ පවත්නා වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් 2022 ජනවාරි 26 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජය පිරිත් සජ්ඣායනාව පවත්වන ලද අතර, එම පුණ්‍ය මහෝත්සවය අද (2022 ජනවාරි 27) උදෑසන මහා සංඝරත්නය උදෙසා පිරිනමන ලද දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව නිමාවට පත්විය.

27 Jan 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 ජනවාරි 27) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

27 Jan 2022

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සජිත් ගමගේ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සජිත් ගමගේ 2022 ජනවාරි මස 25 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

26 Jan 2022

ප්‍රධාන අළුත්වැඩියාවෙන් පසු පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව දියත් කිරීම ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයෙදී

නැගෙනහිර නාවික විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් ප්‍රධාන අළුත්වැඩියාව (Major refit) සිදුකරන ලද පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව දියත් කිරීමේ උත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 21 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයෙදී සිදු කෙරිණි.

25 Jan 2022

ආරක්‍ෂක ලේකම් සමඟ නාවික හමුදාධිපති අනුරාධපුරය සහ මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2022 ජනවාරි මස 23 වන දින අනුරාධපුරය සහ මිහින්තලා පුද බිමේ ත්‍රිවිධ හමුදා දායකත්වයෙන් සිදු කෙරෙන ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා සහභාගී විය.

24 Jan 2022

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී

නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 21 වන දින ගාල්ල, වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

23 Jan 2022

නිල සංචාරය අවසන් කරමින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් පිටත් වෙයි

සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal) නිල සංචාරය අවසන් කරමින් අද අළුයම (2022 ජනවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදී.

23 Jan 2022

රියර් අද්මිරාල් සමන් පෙරේරා නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

නාවික හමුදා දියත් විධානයේ නව ධජ නිලධාරී ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා 2022 ජනවාරි මස 20 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ, නාවික දියත් විධාන කාර්යාල‍යේදී වැඩ භාර ගන්නා ලදී.

21 Jan 2022

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 20) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි.

20 Jan 2022