ඓතිහාසික දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ බෞද්ධාගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ තැන්පත්කිරීමේ පුණ්‍යමහෝත්සවය, ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 17 වන දුරුතු පුන් පොහෝ දින උදෑසන බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ දීඝවාපී විහාර පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.