වැදගත් සිදුවීම්
අභිමානවත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.
“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභ්‍යාග්‍යමත් මව්බිමක්”යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 74 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී, අද (2022 පෙබරවාරි 04) මධ්‍යහන 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2022
74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (2022 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 74 වන නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2022


