මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඇණියේ හත්වන (07) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් විසි දෙදෙනෙකු (22) හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්රධානත්වයෙන් සහ ශ්රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ සාභාගීත්වයෙන් 2022 මාර්තු මස 04 වන දින ත්රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී සිදු කෙරිණි.