උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින තලේමන්නාරම, එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගිනිකොන නාවික විධානයේ ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රධායානුකූලව උතුරු මැද නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වෙත උතුරු මැද නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.