නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින ත්‍රිකුණාමලයේ පිහිටි එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රධායානුකූලව නැගෙනහිර නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සංජීව ඩයස් විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් වෙත නැගෙනහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.