වැදගත් සිදුවීම්

ඉන්දීය බටහිර නාවික නෞකා සමූහයේ අණදෙන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) අද (2022 මාර්තු 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

10 Mar 2022

ප්‍රංශය, බංගලාදේශ සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත් යුද නෞකාවන් කොළඹ සහ හම්බන්තොට වරායන්ට සේන්දු වෙයි

ප්‍රංශය, බංගලාදේශය සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත්, යුද නෞකා 04ක්, 2022 මාර්තු 08 සහ 09 යන දිනයන්හි දී නිළ සංචාර සඳහා කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

10 Mar 2022