වැදගත් සිදුවීම්

ඉන්දීයානු නාවික හමුදාවේ රුවල් යාත්‍රා 05ක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් සඳහා සිදුකළ පුහුණු වැඩසටහනක් අවසන් කරයි.

ඉන්දියානු නාවික හමුදාවේ රුවල් යාත්‍රා 05ක් 2022 මාර්තු මස 10 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් වෙත පුහුණු වැඩසටහන් සිදුකරමින් අද (2022 මාර්තු 16) එම බලගණය කොළඹ වරායට සේන්දු විය.

16 Mar 2022

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සංගීතමය වැඩසටහනක්

මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නාවිකයින්ගේ දායකත්වයෙන් ‘Naval Angels’ Eve’ නම් විශේෂ සංගීතමය වැඩසටහනක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු 15 මස වන දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ඉතා විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.

16 Mar 2022