වැදගත් සිදුවීම්
ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ පූජා භූමි සන්නස් පත්‍රය ප්රදානය කෙරේ
යාපනය ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය පූජා භුමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්රදානය කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 19 වන දින නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
20 Mar 2022
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය
යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2022 මාර්තු මස 18 සහ 19 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙරිණි.
20 Mar 2022