වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Gharial’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව අද (2022 අප්‍රේල් 29) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

29 Apr 2022

උතුරු මැද නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් මස 28 වන දින උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

29 Apr 2022

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2022’ සහ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2022’ සහ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිපත්‍ර ප්‍රධානය කිරීම 2022 අප්‍රේල් මස 23වන දින නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම්, රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

24 Apr 2022

244 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 291 දෙනෙක් බූස්සේදී විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 244 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 291 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට 2022 අප්‍රේල් මස 22 වන දින ගාල්ල බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

23 Apr 2022

ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 32 දෙනෙකු වෙත ලාංඡන පැළඳවේ

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 26 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් 04ක් සහ නාවිකයන් 28 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය 2022 අප්‍රේල් මස 09 වන දින පුත්තලම ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වුනු අතර, මෙම ලාංඡන පැලඳවීම, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.

10 Apr 2022

නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න අද (2022 අප්‍රේල් 09) සමත් විය.

09 Apr 2022

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් ‍කාර්යාලයේ පළමු මහළ විවෘත කෙරේ

වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරිම් අවසන් කරන ලද පළමු මහළ නාවික හමුදාධිපති සහ නාවික හමුදා සංගමයේ අනුශාසක වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 07) විවෘත කෙරිණි.

07 Apr 2022

උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2020 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 06) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

06 Apr 2022

නාවික හමුදා කථික තරඟාවලිය 2021 හි ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2021 (Public Speaking Competition - 2021) හි අවසන් තරඟයේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 05) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදු ‍කෙරිණි.

05 Apr 2022

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘PROTTASHA’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Corvette’ වර්ගයේ යුද නෞකාවක් වන ‘BNS PROTTASHA’ නෞකාව අද (2022 අප්‍රේල් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

02 Apr 2022