වැදගත් සිදුවීම්

මන්නාරම වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2022 මැයි මස 20 හා 21 දින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

25 May 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 67 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 May 2022