වැදගත් සිදුවීම්

රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ජුනි 04) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත් විය. එහිදී රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් කැන්බරා (HMAS Canberra) නෞකාවේ කාර්ය මණ්ඩලය හා එක්වන ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම සති දෙකක හුරුවීම් අභ්‍යාස කාලයකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුල පැවැත්වෙන RIMPAC 2022 සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිතය.

04 Jun 2022