නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2022 ජුනි මස 21 වන දින සිට පත් කෙරේ.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපති ධූරයෙහි කටයුතු කරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඊට අදාල පත්වීම් ලිපිය භාරදීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 ජුනි මස 21 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.