වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 478 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 362 ක් සහ ආධුනික කාන්තා නාවිකයන් 116 ක් ඇතුළු 478 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජූලි මස 30 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

31 Jul 2022

යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සදහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙවරත් නාවික හමුදාව අවශ්‍ය කටයුතු කරමින් සිටී.

31 Jul 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තිලක් සිගේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් තිලක් සිගේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 ජූලි 28) දින විශ්‍රාම යන ලදී.

28 Jul 2022

දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක දකුණු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 25) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

26 Jul 2022

නාවික හමුදා දායකත්වයෙන් කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 24 වන දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

25 Jul 2022

නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යපෘතිය යටතේ අනුරාධපුර, පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2022 ජුලි මස 24 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

25 Jul 2022

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ප්‍රදානය කිරීම ISO 45001:2018 (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION) 2022 ජූලි මස 21 වන දින කරෛයිනගර්හි ‍‍‍‍ ෆෝට් හැමන්හිල් හෝටල් පරිශ්‍රයේදි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය ගේ සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

24 Jul 2022

ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකය වෙත උපහාර පුදකරයි

යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් අද (2022 ජුලි 23) උදෑසන ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් අභිමානවත්ව පැවැත්වුණු අතර, එහිදී මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නාවික හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා උපහාර පුද කරන ලදි.

23 Jul 2022

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන (තාක්‍ෂණික) සහ 36 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 36 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 ජුලි මස 22 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

23 Jul 2022

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් (Lieutenant Colonel Travis Cox) හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී අද (2022 ජුලි 19) පැවැත්වූ අතර, එහිදී නාවික හමුදාධිපති විසින් ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරිණි.

19 Jul 2022