වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් උතුරු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

12 Jul 2022

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් අනුර ඒකනායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජූලි මස 09 වන දින සිට පත්වූ රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත අද (2022 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය නිල වශයෙන් ප්‍රදානය කර ඔහු වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

12 Jul 2022

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාධිපති හමුවෙයි

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජූලි මස 09 වන දින සිට පත් කෙරුණු රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත අද (2022 ජූලි 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය නිල වශයෙන් ප්‍රදානය කර ඔහු වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

12 Jul 2022