වැදගත් සිදුවීම්

නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය අද (2022 අගෝස්තු 22) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

22 Aug 2022

නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක්

නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයෙහි එක් එක් ආයතනයන්ගෙන් යෝගා අභ්‍යාස සිදු කිරීමට උනන්දුවක් දක්වන නාවිකයින් තෝරා ගනිමින් 2022 මාර්තු මස 01 වන දින ආරම්භ කරන ලද නේවාසික යෝගා පුහුණු වැඩසටහන අවසන් වූ අතර, මේ වන විට දකුණු නාවික විධානයට අයත් ආයතනයන් තුළ මෙම යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කෙරේ.

20 Aug 2022

නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා අතිගරු ජනාධිපති තුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සිය ප්‍රථම නිල හමුවීම සඳහා අද (2022 අගෝස්තු 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා බැහැදකින ලදි.

20 Aug 2022

‘BestWeb.lk 2022’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් සහ ලෝකඩ පදක්කම් හිමි කරගනී

‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවියට හැකි විය.

16 Aug 2022

සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු පකිස්තානු නාවික හමුදාවට අයත් ‘TAIMUR’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2022 අගෝස්තු මස 12 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව , ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව අද (2022 අගෝස්තු 15) දිවයිනෙන් පිටත්ව යන ලදී.

15 Aug 2022

රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා කණ්ඩායම දිවයිනට පැමිණේ

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලැබූ Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්වූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම, ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුල පැවැත්වූ RIMPAC 2022 සාගරික අභ්‍යාසය 2022 අගෝස්තු මස 03 වන දින සාර්ථකව අවසන් කරමින් 2022 අගෝස්තු මස 08 වන දින නැවත දිවයිනට පැමිණෙන ලදී.

15 Aug 2022

ශ්‍රී ලංකා හා පකිස්තාන නාවික හමුදාව අතර පැවැත්වීමට නියමිත සුහද නාවික අභ්‍යාසය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පකිස්තාන නාවික හමුදාව අතර, යුද අභ්‍යාසයක් සිදුකිරීමට නියමිත බවට විවිධ මාධ්‍ය ඔස්සේ පලවන පුවත් වාර්තාවන්ගේ සත්‍යතාවයක් නොමැති අතර, නිල සංචාරයක් සඳහා පසු ගියදා කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව 2022 අගෝස්තු මස 15 වන දින එම නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව සමඟ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයක ( Passage Exercise) පමණක් නිරත වීමට නියමිතය.

14 Aug 2022

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද(2022 අගෝස්තු 12) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය දක්වන ලදී.

13 Aug 2022

ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විසිතුරු සමරු ඵලක නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී ශිල්පීය දායකත්වයෙන් හා ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නාවික හමුදාවේ අවශ්‍යතාවය සඳහා සමරු ඵලක නිර්මාණය කිරීම වෙනුවෙන්, වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ ආරම්භ කළ සමරු ඵලක නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල විසිතුරු සමරු ඵලක ආකෘති, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීම අද (2022 අ‍ගෝස්තු 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

12 Aug 2022

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 අගෝස්තු 12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

12 Aug 2022