ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ නව ජල මානක ප්‍රධානී වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) අද (2022 ‍ අගෝස්තු 05) දින වැඩ භාර ගන්නා ලදී.

රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ගිනිකොන නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කරන අතරතුර, නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ අතර, හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ලෙස කටයුතු කල රියර් අද්මිරාල් (විශ්‍රාමික) වයිඑන් ජයරත්න විසින්, නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වෙත භාර දීමට කටයුතු කෙරිණි.

ජල මානක සේවාව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්‍ෂක සංවිධානයන්ගේ මෙහෙයුම් කටයතු සඳහා අවශ්‍ය ජල මානක දත්ත ලබා දීම, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපය ඔස්සේ යාත්‍රා කරනු ලබන නෞකා සහ එම සාගර කළාපයේ අනෙකුත් සාගරික ක්‍රියාකාරකම් ආරක්‍ෂිතව සිදු කිරීමට මෙන්ම, ජාතික අවශ්‍යතාවය අනුව රජයේ ආයතන, සංවිධාන හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත අවශ්‍ය සහය ලබාදීමද ජල මානක සේවාව මඟින් සිදු කරනු ලබයි.