වැදගත් සිදුවීම්

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ ගුවාම්හි අප්‍රා වරායට සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 02 වන දින ඇමරිකාවේ ගුවාම් හී (Guam) අප්‍රා (Apra) වරායට සේන්දු විය.

03 Oct 2022

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී විශේෂ වැඩසටහනක්

ඔක්තෝබර් මස 01 වන දින සමරන ලද මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාව විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී 2022 ඔක්තෝබර් මස 02 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.

03 Oct 2022