උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 19) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා උතුරු මැද නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත උතුරු මැද නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.