Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවීමට 2022 ඔක්තෝබර් මස 25 වන දින කොළඹ වරායට සේන්දු වූ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සහ සිදුරළ යන නෞකාවන් සමඟ පැවැත් වූ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2022 ඔක්තෝබර් මස 26 වන දින දිවයිනෙන් පිටත් විය.