වැදගත් සිදුවීම්

72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුන්‍යකර්මයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් මස 25 සහ අද (2022 නොවැම්බර් 26 ) වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.

26 Nov 2022

නාවික හමුදා කථික තරඟාවලිය - 2022 සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2022 (Public Speaking Competition - 2022) සහ 2022 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම 2022 නොවැම්බර් මස 24 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

25 Nov 2022

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කිරීම 2022 නොවැම්බර් මස 22 වන දින කොළඹ වරාය පරිශ්‍රයේ නැගෙනහිර පර්යන්තයේදී සිදුකෙරිණි. මෙම අධිකාරියට පත්කිරීමේ උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග් මැතිණිය, වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆීලීට්, වසන්ත කරන්නාගොඩ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

23 Nov 2022

72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී දේව මෙහෙයක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ ඒකාබද්ධ ක්‍රිස්තියානි දේව මෙහෙය 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.

19 Nov 2022

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

19 Nov 2022

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වෙත රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබා දෙයි

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය උපාධි අපේක්‍ෂකයින් සඳහා රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබාදීම ආරම්භ කිරීම සනිටුහන් කරමින් සංවිධානය කරන ලද හුරුකරවීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස 28 වන දින කොළඹ නාවික මහ රෝහලේදී පැවැත්විණි.

17 Nov 2022

නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය රැකගැනීමේ ක්‍රියාන්විතයේදී සහ පූනරීන්හීදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කීරීම වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් පවත්වයි

1993 වර්ෂයේ නොවැම්බර් මස 11 වන දින යාපනය, නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය සහ පූනරින් කඳවුර ත්‍රස්තවාදීන් ගෙන් රැකගැනීමේ ක්‍රියාන්විතයේදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් 114 දෙනෙකු සිහිපත් කර ඔවුන් හට පුණ්‍යානුමෝදනා සිදු කිරීම වෙනුවෙන් 2022 නොවැම්බර් මස 16 වන දින යාපනය, නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍යකර්මයක් සිදුකෙරිණි.

17 Nov 2022

මාධ්‍ය නිවේදනය


නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත් වීම සඳහා 2022 නොවැම්බර් මස 15 දින සිට 2022 දෙසැම්බර් මස 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම

2022 ඔක්තෝබර් මස 25 වන දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද නාවික පුද්ගලයින් ඉහත කාලසීමාව තුල ළඟම ඇති නාවික හමුදා කඳවුර වෙත රපෝර්තු කිරීමෙන් පසු ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා සලකා බලනු ලැබේ.

15 Nov 2022

‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2022’ අභිමානවත්ව සැමරේ

මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2022’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2022 නොවැම්බර් 13) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

13 Nov 2022

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සර සැමරුම් ආරම්භය ජය ශ්‍රී මහ බෝධිය සහ රුවන්වැලි මහා සෑය මුල්කර ගෙන පැවැත්වේ

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන්, කඤ්චුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2022 නොවැම්බර් 09 සහ අද (2022 නොවැම්බර් 10) රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගෙතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

10 Nov 2022