නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාදනය වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත සේවා වනිතා රූපලාවන්‍යාගාරයේ, මල් සැරසිලි ඒකකයේ සහ බතික් නිෂ්පාදන මධ්‍යස්ථානයේ සේවාවන් පොදු ජනතාවටද සහනදායි මිලකට ලබාගනීමට හැකිවන පරිදි පුළුල් කිරීමට කටයුතු කර ඇත.