ශ්රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2022 (Public Speaking Competition - 2022) සහ 2022 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් සහ තිළිණ ප්රධානය කිරීම 2022 නොවැම්බර් මස 24 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්රධානී රියර් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ගේ ප්රධානත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්රවණාගාරයේදි පැවැත්විණි.