වැදගත් සිදුවීම්

නිල සංචාරය නිමාකරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2022 දෙසැම්බර් මස 12 වන දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් සිය සය දින (06) නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද (2022 දෙසැම්බර් 17) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත් විය.

17 Dec 2022

සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2022 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව, 2022 දෙසැම්බර් 16 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

17 Dec 2022

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වූ අතර, එම කාන්තා නාවික පුද්ගලයන් තමන් හැදෑරු නාවික ශිල්පය සහ යාත්‍රා හැසිරවීම පිළිබඳ ප්‍රායෝගික භාවිතය පිළිඹිබු වන අයුරින් 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික තඨාකාංගණයේදී නාවික හමුදාධිපති සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉදිරියේ තම දක්ෂතා විදහා දක්වමින් සංදර්ශනයක් පැවැත්වීමට ක‍ටයුතු කරන ලදී.

17 Dec 2022

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කෙරේ

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

17 Dec 2022