වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රථම නාවික හමුදා කළමණාකරණ මණ්ඩල රැස්වීම අමතයි

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව ප්‍රථම නාවික හමුදා කළමණාකරණ මණ්ඩල රැස්වීම අද (2022 දෙසැම්බර් 18) නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලද අතර, එහිදී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය වෙත උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

18 Dec 2022

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ධූරයට

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2022 දෙසැම්බර් 18) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2022 දෙසැම්බර් 18) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාධිපති වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, නව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

18 Dec 2022

අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 18 ) දින විශ්‍රාම යන ලදි.

18 Dec 2022