වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද දින (2022 දෙසැම්බර් 27) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
27 Dec 2022
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර (විශ්‍රාමික) දැයෙන් සමු ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දොළොස්වන (12) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර (විශ්‍රාමික), 2022 දෙසැම්බර් මස 23 වන දින දැයෙන් සමු ගන්නා ලදී.
27 Dec 2022
‘71 වන ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය - 2022’ හි මාස්ටර්ස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මඟින් 2022 දෙසැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී නාරාහේන්පිට පොලිස් පිහිණුම් තඨාකයේදී සහ ගල්කිස්ස ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගම් මූලස්ථානය ඉදිරිපස වෙරළ තීරයේදී පවත්වන ලද ‘71 වන ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය - 2022’ හි මාස්ටර්ස් (Masters) ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් විය.
27 Dec 2022