වැදගත් සිදුවීම්
ශ්රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්
ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ගේ ප්රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
29 Dec 2022
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ශ්රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.
29 Dec 2022
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ශ්රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) යුද හමුදා මූලස්ථානයේදී, ශ්රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හමුවිය.
29 Dec 2022