වැදගත් සිදුවීම්
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2022 දෙසැම්බර් මස 23 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) ප්රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
03 Jan 2023
රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී ප්රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
03 Jan 2023