නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා, ශ්රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව, 2023 ජනවාරි මස 16 වන දින උතුරු නාවික විධානයේ සිය ප්රථම නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී, නාවික හමුදාවේ ඉදිරි දැක්ම අභිප්රායන් හා මෙහෙයුම් සූදානම පිළිබඳව උතුරු නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීමේ දේශනයන්, පැවැත්වීමට කටයුතු කෙරිණි.