වැදගත් සිදුවීම්

EU CRIMARIO වැඩසටහන මඟින් දියයට ජායාරූප ලබාගැනීමේ විශේෂිත කැමරාවක් නාවික හමුදාව වෙත ප්‍රදානය කරයි

යුරෝපා සංගමයේ EU CRIMARIO ( European Union Critical Maritime Routes in Indian Ocean) වැඩසටහන යටතේ, ප්‍රංශයේ Gendarmerie ඒකකය විසින් සංවිධානය කරන ලද දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමේ විශේෂ කිම්දුම් පාඨමාලාව (Forensic Diving Course) මාලදිවයින් ජාතික ආරක්ෂක බලමුළුවට අයත් හල්හුමලේ (Hulhumale) වෙරළාරක්ෂක කඳවුරේදී 2023 ජනවාරි මස 13 වන දින සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාවේ භාවිතය වෙනුවෙන් ලබාදුන් Olympus TG - 06 වර්ගයේ නවීනතම කැමරාව හා උපාංග එම පාඨමාලාවට සහභාගී වූ නාවික පුද්ගලයන් විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාරදීම අද දින (2023 ජනාවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

18 Jan 2023

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු හිදෙකි මිෂුකොෂි (Hideaki MIZUKOSHI) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

18 Jan 2023