නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 20) කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ විසින් සිය ශුභපැතුම් පිරිනමන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී නාවික හමුදාධිපති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ වෙත සමරු තිළිණයක් පිරිනමන ලද අතර, එහිදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ විසින් රචිත ‘අධිෂ්ඨානය හැරවුම් ලක්‍ෂය’ ග්‍රන්ථයෙහි පිටපතක් නාවික හමුදාධිපති වෙත පිරිනැමිමද සිදුකෙරිණි.