වැදගත් සිදුවීම්

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ මානුෂිය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක් පවත්වයි

CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාස (Marine Exercise - MAREX) 2023 ජනවාරි මස 21 වන දින ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලඝණය, ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ නාවික පාබල අංශය එක්ව මුල්ලිකුලම් හීදී ආරම්භ වූ අතර, එහි මානුෂීය ආධාර සහ ආපදා සහන (Humanitarian Assistance & Disaster Relief) අභ්‍යාසයක් අද දින (2023 ජනවාරි 22) වයඹ නාවික විධානයේ මුල්ලිකුලම් වෙරළ තීරයේදී පැවැත්විණි.

22 Jan 2023

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් හමුවිය.

22 Jan 2023