ඇමරිකා එක්සත් ජනපද හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි Rear Admiral Joaquin J. Martinez de Pinillos ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 ජනවාරි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම නිල හමුවේදී, ඇමරිකා එක්සත් ජනපද හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර සුහද පිළිසඳරක් පැවැත්වූනු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

තවද, මෙම නිල හමුවේදී ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Commander Richard Lister ඇතුළු ඇමරිකා එක්සත් ජනපද හත්වන නෞකා සමූහයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී, සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම සඳහා සාමූහිකව කටයුතු කිරීම ඇතුළු ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.