වැදගත් සිදුවීම්

බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාව 2023 ජනවාරි මස 27 වන දින අළුත්වැඩියා කටයුත්තක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් ටීලො එළියට් - ස්මිත් (Commander Teilo Elliot – Smith) සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර හමුවක් 2023 ජනවාරි මස 28 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

01 Feb 2023

පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත “අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් - 2023 (AMAN - 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2023 ජනවාරි 31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් වූ අතර, නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදුර නෞකාව පිටත් කිරීම සිදුකෙරිණි.

01 Feb 2023