වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලබයි

ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා 2019, 2020 සහ 2021 වර්ෂයන්ට අදාලව පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම පිරිනැමීම සහ ‘75 වන නිදහස් සමරු පදක්කම’ පිරිනැමීමේ නිල උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 01 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

02 Feb 2023