වැදගත් සිදුවීම්
අභිමානවත් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි.
“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී, අද දින (2023 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ද සිල්වා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2023
75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින (2023 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 75 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2023
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර හමුවක්
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) ඇතුළු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
04 Feb 2023
ඉන්දීයාවේ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
04 Feb 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
04 Feb 2023


