වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

12 Mar 2023

යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2023 මාර්තු මස 10 සහ 11 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙරිණි.

12 Mar 2023

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

2023 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 11) වැලිසර, නාවික පරිශ්‍රයේදී විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කෙරිණි.

12 Mar 2023

සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 5 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් පස්දෙනෙකු (05) අධිකාරියට පත් කිරීම, අද දින (2023 මාර්තු 11) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

12 Mar 2023