ලෝක ආබාධිත දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සමාජ සත්කාරක වැඩසටහනක්

ලෝක ආබාධිත දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මඟින් අද දින (2023 මාර්තු 17) සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, ඒ යටතේ නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් වෙත සංකේතාත්මකව ඇස් කණ්නාඩි, ශ්‍රවණ උපකරණ සහ රෝද පුටු ලබාදීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික පුද්ගලයින් විසින් සිදුකල ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, මෙම ප්‍රදානයන් සිදු කෙරුණු අතර, කාන්තා නාවිකයන් 50 දෙනෙකු සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම සංකේතවත් කරමින් කාන්තා නාවිකයන් පස් දෙනෙකු වෙත අදාල විශයන් ලබාදීම සහ ගර්භනී කාන්තා නාවිකයන් දෙදෙනෙකු සඳහා ‘Go Cart’ ප්‍රධානය කිරීමද මෙහිදී ගරු සභාපතිතුමිය විසින් සිදු කෙරිණි.

තවද, මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිතුමිය උදේනි කුලරත්න මහත්මිය, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලයද සහභාගී වී සිටියහ.