වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කෙරේ
නැගෙනහිර නාවික විධානයේ ත්‍රීකුණාමලය දකුණ, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය, මාර්තු මස 20 වන දිනට යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කිරීම, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 20) ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
20 Mar 2023
රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2023 මාර්තු 20) නාවික හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
20 Mar 2023