වැදගත් සිදුවීම්

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2023’ සහ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2023 අප්‍රේල් මස 29 සහ අද දින (2023 අප්‍රේල් 30) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් සැපයුම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා සහභාගී විය.

30 Apr 2023

නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්‍රේල් මස 27 වන දින සාර්ථකව නිමාවට පත් විය.

29 Apr 2023

නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්‍රේල් මස 27 වන දින සාර්ථකව නිමාවට පත් විය.

29 Apr 2023

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා ඇතුළු දූත පිරිසක් 2023 අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේ ද සහ එම තානාපති කාර්යාලයේ දූත පිරිසක් 2023 අප්‍රේල් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේද නිල සංචාරයක නිරත විය.

27 Apr 2023

නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත ධූත පිරිසක් අද දින (2023 අප්‍රේල් 24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

25 Apr 2023

නාවික හමුදාව සියත රූපවාහිණිය හා එක්ව සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, සියත රූපවාහිණිය හා එක්ව සංවිධානය කල ‘සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය - 2023’, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී 2023 අප්‍රේල් මස 22 වන දිනය පුරා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

23 Apr 2023

ගාලු කථිකාව 2023 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

2023 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද දින (2023 අප්‍රේල් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එළිදක්වන ලදි.

21 Apr 2023

ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ජෙනරාල් Titus Simon (Brig. Gen Titus Simon) අද දින (2023 අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

21 Apr 2023

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතා අතර, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී අද දින (2023 අප්‍රේල් 20) නිල හමුවක් සිදු කෙරිණි.

21 Apr 2023

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

21 Apr 2023