2023 වර්ෂයේ සිංහල හා දෙමළ අළුත් අවුරුදු සිරිතක් ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් සංවිධානය කර ඇති ‘නැකතට පැළයක් - ජාතික රුක් රෝපණ වැඩසටහන’ට සමගාමීව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින (2023 අප්‍රේල් 20) උදෑසන 0638 යෙදුනු සුබ නැකතින් නාවික හමුදා මූලස්ථානයේදී අඹ පැළයක් රෝපණය කිරීම සිදු කෙරිණි.