වැදගත් සිදුවීම්
ගාලු කථිකාව 2023 නිල වෙබ් අඩවිය එළිදැක්වේ
2023 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද දින (2023 අප්‍රේල් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එළිදක්වන ලදි.
21 Apr 2023
ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ඉන්දියාවේ නැමීබියා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ජෙනරාල් Titus Simon (Brig. Gen Titus Simon) අද දින (2023 අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
21 Apr 2023
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතා අතර, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී අද දින (2023 අප්‍රේල් 20) නිල හමුවක් සිදු කෙරිණි.
21 Apr 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
21 Apr 2023


