වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභට නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වෙයි

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් ගේ ආරාධනයෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඉන්දියාවේ එසිමලා (Ezhimala) හි පිහිටි ඉන්දීය නාවික හමුදා විද්‍යා පීඨයේ 2023 මැයි මස 27 වන දින පැවති ශිෂ්‍ය භට නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියද සහභාගී විය.

29 May 2023

නාවික හමුදාව මඟින් මුලතිව් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සාර්ථකව පවත්වයි

මුලතිව් ප්‍රදේශයේ ධීවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කළ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2023 මැයි මස 25 වන දින නැගෙනහිර නාවික විධානයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේදී පැවැත්විණි.

27 May 2023

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2023 මැයි මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

26 May 2023

නාවික විදුලි හා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සහ තාක්‍ෂණ විද්‍යුත් සඟරාවෙහි අප්‍රේල් කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන පර්යේෂණාත්මක ක්‍රියාකාරකම් එළිදැක්වීම හා නාවික හමුදා ඉංජිනේරු නිලධාරීන්‍ ගේ හා තාක්‍ෂණික ශිල්පීන්ගේ තාක්‍ෂණික විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එළිදක්වනු ලබන ‘Naval Electrical and Electronic Engineering & Technology (NEET)’ විද්‍යුත් සඟරාවේ 2023 අප්‍රේල් මස කලාපය 2023 මැයි මස 23 වන දින අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම නාවික හමුදා මූලස්ථානයේදි සිදුකෙරිණි.

24 May 2023

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව ඒකාබද්ධ කලාපීය රැස්වීමක් ත්‍රිකුණාමලයේදී පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව ඒකාබද්ධ කලාපීය රැස්වීමක් 2023 මැයි මස 18 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

21 May 2023

ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2023 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 මැයි මස 19 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

20 May 2023

නාවික හමුදාව ගිණි‍කොන නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 මැයි මස 18 වන දින ගිණි‍කොන නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන්, එම විධානයේ මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

20 May 2023

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

2023 මාර්තු මස 20 දිනට යෙදුනු ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් පවත්වනු ලබන දන්ත වෛද්‍ය සේවාවන්ගේ තවත් අධියරක් ලෙස ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2023 මැයි මස 09 වන දින සිට 19 වන දින දක්වා ගිණිකොන නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

20 May 2023

සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නාවික උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Lieutenant Commander RICHARD LISTER සහ නව නාවික උපදේශක වශයෙන් පත්වීමට නියමිත Lieutenant Commander JESSICA V. DE MONT සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 මැයි 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

19 May 2023

රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් රණක්‍ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපති ගෙන් උපහාර

රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් අද දින (2023 මැයි 18) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වී ඔවුන් වෙත උපහාර පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය ද සහභාගී විය.

18 May 2023