වැදගත් සිදුවීම්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා 2023 මැයි මස 01 වන දින දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි අද දින (2023 මැයි 02) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

02 May 2023

පරිසරය සුරැකීමට සිදුකල දායකත්වය වෙනුවෙන් නාවික තඨාකාංගනය ජනාධිපති පරිසර රන් සම්මානයෙන් පිදුම් ලබයි

2023 අප්‍රේල් 28 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021-2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය තුල පරිසරය සුරැකීම වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ඨ දායකත්වය අගයමින් පිරිනමන ලද රන් සම්මානය, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් ගරු ජනාධිපති තුමන් වෙතින් හිමිකර ගන්නා ලදි.

02 May 2023