2023 මැයි මස 05 වන දිනට යෙදුණු 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සංවිධානය කිරීමත්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර  කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය සහ රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා දායකත්වය ලබාදීමත් බැති සිතින් සිදුකෙරිණි.