වැදගත් සිදුවීම්

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් මුහුදු රාජකාරීන් සඳහා අනුයුක්ත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා අද දින උදෑසන (2023 මැයි 11) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත විය.

11 May 2023