වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ ඉදිකරන ලද වායු රයිෆල් ක්‍රීඩා සමාජය නාවික හමුදාධිපතිගේ ප්‍රධානතවයෙන් විවෘත කෙරේ

නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙඩි තැබීමේ පුහුණු පාසලෙහි ස්ථාපනය කර තිබූ වායු රයිෆල් ක්‍රීඩා සමාජය, නාවික තඨාකාංගනය නැරඹීමට පැමිණෙන අමුත්තන් හටද භාවිතා කළ හැකි පරිදි නවීකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර, නාවික කෞතුකාගාරය අසල නව පරිශ්‍රයක විවෘත කිරීම, 2023 අප්‍රේල් මස 30 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

14 May 2023

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 388 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු (345) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් ‍තුන් දෙනෙකු (43) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූඅට දෙනෙකු (388) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 මැයි මස 13 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

14 May 2023